iPrime7 - Fantasy of Love - ආදර හැන්දෑව

හැන්දෑව කියන්නේ ආදරවන්තයන්ට කොච්චර සමීප දෙයක් ද නේද? මේ බලන්න කෝ
හැන්දෑවට මුහුදු වෙරළ අසබඩ ඔයාගේ පපුව උඩ මගේ හිස තියාගෙන ලඟින් ඉන්න තියෙනවා නම්....
ඔයා කියන හැම වචනයක්ම මගේ හදවතේ රැඳිලා තියෙනවා නම්....
ඔයා මට ආදරෙයි කියලා කියන කොට මගේ පපුව පිරෙන විදිය ඔයාට දැනිලා තියෙනවා ද?...
රත්තරං ඔයා මම ගාව තුරුළු වෙනකොට ඔයාගේ ඔය කෙහෙරැල් මගේ අතේ පැටලෙන්නෙ අනේ මාව දාලා යන්න එපා කියනවා වගෙයි...
මේ විදියට හිතන පෙම්වතුන් කොච්චර නම් ඉන්නවා ද? ඒ වගේම මෙහෙම ලං වෙලා ඉන්න ආදරේ කරන්න බැරි අය. ඒ හැමෝටම තමයි iRadio Fantasy Of Love තියෙන්නේ.
ඉතින් මේ හැම දෙයක්ම මට කියන්න. මම ඔයා වෙනුවෙන් ඒ හැමදෙයක්ම ඔයාගේ ආදරයට කියන්නම්.
ඔයා හිතේ තියෙන දේවල් මට කියන්න නිර්මාණ එවන්න මගේ ඉ-තැපැලට නැත්තම් අපේ මුහුණු පොතේ Wall එකට
parami@iradiolk.com
ඒ හැම දෙයක්ම අහන්න එන්න සෙනසුරාදා රෑ 7ට iRadio එකට. මට ඔයාලාගේ ළඟට එන්න උදව් කරන්නේ letmeknow.lk එකේ සහෝදරයන්.
එයාලත් ඔයාට තෑගි දෙන්න ලෑස්තියි. ඒ ඔයාලා එවන හොඳම නිර්මාණ වලට.ආදරණීයම වදන් වලට.
මම
ඔයාගේම
පාරමී
No comments:
Post a Comment